brand logo
logo
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

22 September 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.


අද (22) නිකුත් කළ මෙම නිවේදනය හෙට (23) පස්වරු 2.00 දක්වා බලපැවැත්වේ.


ඒ අනුව, ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව දැනුම්දී තිබේ.


එමෙන්ම, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර පමණ උසකට ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ඒ අනුව, අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතුවල නිරත ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ.

 

More News..