brand logo
logo
දිට්වා ප්‍රතිසංස්කරණ ප්‍රගතිය පළාත් මට්ටමින් සොයයි

දිට්වා ප්‍රතිසංස්කරණ ප්‍රගතිය පළාත් මට්ටමින් සොයයි

22 April 2026

 දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය


පළාත් සභා වෙත මේ වන විට සියලු ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අපදා හානි සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පළාත් මටටමින් සොයා බලන ලෙසද අග්‍රාමාත්‍යවරිය කීවාය.


Rebuilding Sri Lanka වැඩසටහනේ ක්‍රියාකාරකම් කඩිනම් කිරීම වෙනුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.


අපදා සහන සහ වන්දි ලබාදීම් කඩිනම් කිරීමත්, අපදාවෙන් යටිතල පහසුකම්වල සිදු වූ හානි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සාකචඡාව පැවැත්වීය.


 දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ හානි වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති අතර 2026 වසර අවසන් වීමට පෙර අදාල සංවර්ධන කටයුතු සිදු කර අවසන් විය යුතු බව කී අග්‍රාමාත්‍යවරිය හානි සඳහා වන වන්දිගෙවීම් ප්‍රමාද වීමට ප්‍රාදේශිය මට්ටමින් පවතින ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස උපදෙස් ලබා දුන්නාය. 


 

More News..