රජරට උපකුලපති ධුරයට නිර්දේශ වූ නම් තුන විසි වෙයි
21 January 2025 | නිලන්ත මදුරාවල
රජරට උපකුලපති ධුරයට නිර්දේශ වූ නම් තුන විසි වෙයි
21 January 2025 | නිලන්ත මදුරාවල
රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා අලුතින් නම් තුනක් නිර්දේශ කර එවන ලෙසට කර තිබෙන දැනුම් දීම නිසා තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් එම ධුරය සඳහා කලින් නිර්දේශ කර සිටි අපේක්ෂකයන් තිදෙනා ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.
මෙම ඉල්ලීම කර ඇත්තේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ජී.ඒ.එස් ගිනිගද්දර, ආචාර්ය පී.එස්.කේ. රාජපක්ෂ සහ කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහාචාර්ය පර්සි විජේවර්ධනය.
එම විශ්වවිද්‍යාලයේ පැවති පාලක සභාවෙන් තෝරා ගත් මෙම තිදෙනාගෙන් සුදුස්සෙක් එම ධුරය සඳහා පත්කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ජනාධිපතිවරයාය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා එම නම් තුන ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරෙන විට පැවැති පාලක සභාව විසුරුවා හැර නව පාලක සභාවක් පත් කර තිබූ අතර ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාලයට යළි දන්වා ඇත්තේ නව පාලක සභාවෙන් නම් තුනක් නිර්දේශ කර එවන ලෙසය.
මෙම ක්‍රියාවලිය මගින් ස්වාධීන අධ්‍යාපන ආයතනයක් වන රජරට විශ්වවිද්‍යාලයට හා ස්වාධීන ආචාර්යවරුන් ලෙස ඉතා දිගු කලක් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ වර්ධනයට කැප වෙමින් සේවය කළ අපට අගතියක් වී ඇතැයි ද ජනාධිපතිවරයාට යවා තිබෙන ලිපියේ සඳහන් වෙයි.

