වසර 90ක නුවරඑළිය පාපන්දු ඉතිහාසයට ජාත්‍යන්තර අභිමානයක් එක්කළ ටී.එෆ්.සූඩීන්
19 November 2026 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
වසර 90ක නුවරඑළිය පාපන්දු ඉතිහාසයට ජාත්‍යන්තර අභිමානයක් එක්කළ ටී.එෆ්.සූඩීන්
19 November 2026 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
වසර 90කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන නුවරඑළිය පාපන්දු ක්‍රීඩා ක්ෂේත්රයේ මෙතෙක් නොලියැවුණු ජාත්‍යන්තර පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, එම පාපන්දු සංගමය යටතේ බිහිවූ පළමු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයා ලෙස ටී.එෆ්.සූඩීන් ඉතිහාසයට එක්ව සිටියි.
ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ විනිසුරු කටයුතු සඳහා එක්වීමට ඔහු සමත්වීමත් සමඟ නුවරඑළියේ අභිමානවත් ක්‍රීඩා උරුමයට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව තිබේ.
2026 නොවැම්බර් 05 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ආසියානු පාපන්දු තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා ටී.එෆ්.සූඩීන් එක්ව සිටින අතර, නුවරඑළිය පාපන්දු සංගමයේ වසර 90කට අධික ඉතිහාසය තුළ එම සංගමය යටතේ බිහිවූ විනිසුරුවරයකු ජාත්‍යන්තර තරගාවලියක විනිසුරු කටයුතු සඳහා එක්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම සුවිශේෂී ජාත්‍යන්තර අවස්ථාව ටී.එෆ්.සූඩීන් උදාකර දීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමර් සහ එහි විනිසුරු අධ්යක්ෂ සම්පත් නාකන්දල මැදිහත්ව කටයුතු කර තිබේ.
එමෙන්ම, සූඩීන් වසර හතරක කාලයක් පුරා ආසියානු පාපන්දු සම්මේලනයේ විනිසුරු ඇකඩමියක පුහුණුවීම් කටයුතුවල නිරතව සිටීමද මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය පිටුපස ඇති වැදගත් කරුණකි.
එම පුහුණුවීම් තුළින් සිය විනිසුරු වෘත්තීය දැනුම, තාක්ෂණික අවබෝධය සහ ජාත්‍යන්තර තරග විනිශ්චය සඳහා අවශ්‍ය හැකියාවන් වර්ධනය කරගැනීමට ඔහු කටයුතු කර තිබේ.
මධ්‍යම කඳුකරයේ සුන්දර කඳු පන්තිවලින් වටවී, ශ්‍රී ලංකාවේ සුවිශේෂී සිසිල් දේශගුණයකට හිමිකම් කියන නුවරඑළිය නගරය සංචාරක පුරවරයක් ලෙස පමණක් නොව, දිගුකාලීන ක්‍රීඩා සංස්කෘතියක් සහිත ප්‍රදේශයක් ලෙසද ප්රකටය.
විශේෂයෙන්ම පාපන්දු ක්‍රීඩාව ඇතුළු විවිධ ක්‍රීඩා ක්ෂේත්රයන්හි දක්ෂ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩා නිලධාරීන් රැසක් බිහිකිරීමට නුවරඑළිය සමත්ව තිබේ.
එවැනි ක්‍රීඩා උරුමයක් සහිත නුවරඑළියෙන් බිහිවූ විනිසුරුවරයකු ආසියානු මට්ටමේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක විනිශ්චය කටයුතු සඳහා එක්වීම,ප්‍රදේශයේ ක්‍රීඩා දක්ෂතා ජාත්‍යන්තර තලයට රැගෙන යා හැකි බවට ලබාදෙන වැදගත් පණිවිඩයක්ද වේ.
එය දශක ගණනාවක් පුරා නුවරඑළිය පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් කැපවූ ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, විනිසුරුවන්
සහ ක්‍රීඩා සංවිධායකයන්ගේ මෙහෙවරට ලැබුණු සුවිශේෂී ඇගයීමක් ලෙසද සැලකිය හැකිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය පාපන්දු සංගමයේ සභාපති එම්.එස්.ලාෆීර් මහතා සඳහන් කළේ,
වසර 90කට අධික ඉතිහාසයක් ඇතිනුවරඑළිය පාපන්දු සංගමය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක
විනිසුරු කටයුතු සඳහා එක්වීමට සූඩීන් මහතා සමත්වීම සංගමයට මෙන්මසමස්ත නුවරඑළිය ප්‍රදේශයටම මහත් සතුටක් හා ආඩම්බරයක් ගෙන දෙන කරුණක් බවයි.
නුවරඑළිය පාපන්දු ක්ෂේත්රය තුළින් ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවරයකු බිහිවීම සංගමයට පමණක් නොව සමස්ත ප්‍රදේශයටම විශාල ගෞරවයක් බව පෙන්වා දුන් ඒ මහතා, ටී.එෆ්.සූඩීන් මහතාගේ කැපවීම සහ වෘත්තීය
දක්ෂතාව මෙම ජයග්‍රහණය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවදසඳහන් කළේය.
ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම සුළු ජයග්‍රහණයක් නොවන බවත්, ඉදිරියේදී නුවරඑළියෙන් තවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ විනිසුරුවන් බිහිකිරීමට මෙවැනි ජයග්‍රහණ මහත් දිරිගැන්වීමක් වනු ඇති බවත් ප්‍රකාශ කළ සභාපතිවරයා, ටී.එෆ්.සූඩීන් මහතාට සිය හෘදයාංගම සුබපැතුම් එක් කළේය.
වසර 90කට අධික නුවරඑළිය පාපන්දු ඉතිහාසයට නව අභිමානයක් එක්කරමින් ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි ටී.එෆ්.සූඩීන් මෙම ජයග්‍රහණය, නුවරඑළිය පාපන්දු ක්‍රීඩාවේ අනාගතයට නව බලාපොරොත්තුවක් එක්කරන අතරම, මධ්‍යම කඳුකරයේ ක්‍රීඩා දක්ෂතා ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි බව තහවුරු කරන අමතක නොවන සන්ධිස්ථානයක් වනු නොඅනුමානය.


