බිහිසුණු බස් රථ අනතුරක්
18 February 2026
බිහිසුණු බස් රථ අනතුරක්
18 February 2026
හම්බන්තොට පල්ලේමළල ප්‍රදේශයේදී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ තිස්සමහාරාමය සහ මාතර අතර ධාවනය වූ පෞද්ගලික බස්ථයක් එකිනෙක ගැටීමෙන් අද (18) දහවල් මෙම අනතුර සිදුව තිබුණි.
අනතුර සිදුවන විට ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වූ බස් රථයේ මගීන් 57ත් දෙනෙකු පමණ සිට ඇති බව හම්බන්තොට පොලීසිය පවසයි.
බස් රථයේ සිටි පිරිස අතරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙලෙසෙ රෝහල් ගත කර ඇති බවත් විදේශිකයන් පිරිසක්ද ඒ අතර සිටි බවත් සඳහන් වෙයි.
මේ අතර, රෝහල් ගතකළ පිරිස ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද සඳහන් වෙයි.
තිස්සමහාරහාම සහ මාතර අතර ධාවනය වු බස් රථයේ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් පොලීසිය වැඩිදුර සඳහන් කරයි.
තිස්සමහාරාමය සහ මාතර අතර ධාවනය වු බස් රථයෙහි පිටුපස ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වු බස් රථය ගැටීමත් සමඟ රියදුරු පාලනයෙන් මිදීගොස් අවට තිබූ ව්‍යාපාරික ස්ථානයක තාප්පයක් බිඳ දමමින් කුඩා ව්‍යාපාරික ස්ථානයක් ද බිඳගෙන ඉදිරියට ධාවනය වී ඇත.
අනතුරින් බස් රථ දෙකටම දැඩි අලාභ හානි සිදුවී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

