රුපියල් බිලියන 116ක මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇතැයි හෙළි වෙයි
27 November 2026
රුපියල් බිලියන 116ක මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇතැයි හෙළි වෙයි
27 November 2026
‘රටම එකට’ ජාතික මෙහෙයුම් මාලාව යටතේ මේ වන විට රුපියල් බිලියන 116ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග නාවික හමුදා භාරයට ගැනීමට හැකි වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.
දකුණු මුහුදු තීරයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳව කරුණු දැක්වීම සඳහා අද (27) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වන දින රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කර කළ බවත් ඒ අනුව මේ වන විට සැකකරුවන් 379ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවය.
එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා යාත්‍රා 66ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.


