brand logo
logo
 මහා පරිමාණ කසිප්පු තිප්පොලක් වලානෙන් වටලයි

මහා පරිමාණ කසිප්පු තිප්පොලක් වලානෙන් වටලයි

31 August 2026


නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර් 7560000 ක් අඩංගු බැරල් 40 ක්, නීති විරෝධී කසිප්පු මිලි ලීටර් 187500 අඩංගු බෝතල් 250 ක්ද, වට 07 කින් යුතු තඹ දඟර 02 ක්ද, ගෑස් ලිප් 02 ක් සහ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් 04 ක් සමග සැකකරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.



කුලියාපිටිය පොලිස් වසමේ පහල දියදොර මාදරවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කසිප්පු නිශ්පාදනය කරනු ලබන තිප්පොලක් පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව එම බලකායේ අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල නියෝග හා උපදෙස් පරිදි එම බළකායේ බුද්ධි නිලධාරින් වන පොලිස් සැරයන් 34950 සම්පත්, පොලිස් සැරයන් 36136 සමරකෝන් සහ පොලිස් කොස්තාපල් 104547 කුරුකුලසූරිය යන නිලධාරීන් යොදවා සිදුකරන ලද රහසිගත ආවේක්‍ෂණයේදී අනාවරණය වූ තොරතුරු මත වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්‍ෂක විමල් ජිනදාසගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (31 ) මෙම වැටලීම සිදුකර ඇත.


මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.


අත්අඩංගුවට ගත් මෙම ගෝඩා පෙරීමට ලක්කර නීති විරෝධී කසිප්පු නිශ්පාදනය කර එම ප්‍රදේශය පුරා හොර රහසේ බෙදා හැරීමට සැළසුම් කර තිබූ බවට වැටලීමෙන් පසුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.


මෙම වැටලීම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සෘජු අධීක්‍ෂණ යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල නියෝග හා උපදෙස් පරිදි එම බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක විමල් ජිනදාස, උප පොලිස් පරීක්‍ෂක ජයලත්, පොලිස් සැරයන්වරුන් වන (34950) සම්පත්, (36136) සමරකෝන්, (4636) සෙනරත්, (65921) චමින්ද, පොලිස් කොස්තාපල් වරුන් වන (35039) මධුසංක, (99635) ගයාන්, (100683) හේමන්ත, (104231) ගිම්හාන, (105123) ශ්‍රිමන්ත, (104545) කුරුකුලසූරිය, (105264) ජීවන්ත, පොලිස් කොස්තාපල් රියදුරු (16227) උදාර සහ (80424) ප්‍රදීප් යන යන නිලධාරීන් විසින් සිදුකර ඇත.

 

More News..