සොරකමේ ගිය හතරකගේ අත් කපලා
19 January 2023 | සහන් වික්‍රමගේ
සොරකමේ ගිය හතරකගේ අත් කපලා
19 January 2023 | සහන් වික්‍රමගේ
සොරකම් කිරීම පිළිබඳ චෝදනා ලැබූ සිව් දෙනෙකුගේ අත් කපා දැමීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය පියවර ගෙන ඇත.
මේ බව සඳහන් කර තිබුණේ එක්සත් රාජධානියේ ඇෆ්ගන් ජාතිකයන් නැවත පදිංචි කිරීම පිළිබඳ ඇමැතිවරයාගේ හිටපු උපදේශකවරියක වන ෂබ්නාම් නසීමිය.
ඇය ට්විටර් පණිවුඩයක සටහන් කර තිබුණේ කන්දහාර් නගරයේ පාපන්දු පිටියකදී ප්‍රසිද්ධියේ මෙම දඬුවම ලබා දී ඇතැයි දැනගන්නට ඇති බවයි.
මේ අතර සොරකම් සහ විවිධ ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නව දෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර ලබා දී ඇති බව ඇෆ්ගනිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයද නිවේදනය කර ඇත.
නිවේදනයේ සඳහන් වන ආකාරයට මෙම දඬුවම් ලබා දී ඇත්තේ කන්දහාර්හි අහ්මද් ෂාහි ක්‍රීඩාංගණයේදීය. ප්‍රාදේශීය නායකයන් සහ නගර වැසියන් මෙම අවස්ථාව නැරඹීම සඳහා සහභාගි වී ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. එම පළාතේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශකයකු පවසා තිබුණේ එක් අයකුට කස පහර 35 - 39 අතර සංඛ්‍යාවක් බැගින් ලබා දුන් බවය.