රිය අනතුරුවලට දෙන වන්දිය දෙගුණයකින් ඉහළ දමයි
07 November 2026
රිය අනතුරුවලට දෙන වන්දිය දෙගුණයකින් ඉහළ දමයි
07 November 2026
පුද්ගලයකු අනතුරට ලක්කර පලායාමෙන් මියගිය පුද්ගලයන්ගේ යැපෙන්නන්ට හා බරපතළ තුවාල ලැබූ පුද්ගලයන්ට ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් මූල්‍ය සහනයක් ලබා දෙයි. ඒ අනුව පුද්ගලයකු අනතුරට ලක්කර වාහනය පලා ගිය අවස්ථාවකදී අනතුරට ලක්වූ පුද්ගලයා මිය ගියහොත් එම පුද්ගලයාගේ යැපෙන්නන්ට පසුගිය වසරේ දෙසැම්බර් 31 දක්වා ලබා දී ඇත්තේ රුපියල් දෙලක්ෂ පනස්දහසක් පමණි. එම මුදල රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කර ඇත.
මෙවැනි අනතුරකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන්ටද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් මූල්‍ය සහනයක් ලබා දී ඇති අතර පසුගිය වසරේ දෙසැම්බර් 31 දක්වා ලබා දී ඇත්තේ එක්ලක්ෂ පනස්දහසක මුදලකි. එය රුපියල් ලක්ෂ තුනක දක්වා ඉහළ නංවා ඇත. මෙම මූල්‍ය සහන ඉහළ දැමීම මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පුළුල් කර තිබේ.
හඳුනා නොගත් අනතුරකින් බරපතළ තුවාල ලැබූ අයවලුන්ට සහ මරණයට පත්වූ අයගේ යැපෙන්නන්ට පමණක් සහන ඉල්ලීම් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
හප්පා පලාගිය අනතුරකට මුහුණ දුන් අයවලුන්ට හෝ එම පුද්ගලයන්ගේ යැපෙන්නන්ට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට සහන ඉල්ලා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර එම අයැදුම්පත් නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා කාර්යාලය, සියලුම පොලිස් ස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වුවද අයැදුම්පත් ලබා ගත හැකිය. මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ 011 2696890 හෝ 011 2687109 අංක ඇමතිය හැකිය.

