roadBlockMobile
brand logo
logo
පියුමි හංසමාලිගෙන් පෙත්සමක්

පියුමි හංසමාලිගෙන් පෙත්සමක්

10 July 2024 | කේ.එස්.උදයකුමාර

තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශනය අත් හිටුවන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.


අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කරනු ලැබ සිටිති.


පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එම විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් වේ.


ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ තමන්ට එරෙහිව පවතින නඩු ගොනුව කැඳවා විමර්ශනයක් සිදු කරන ලෙස අභියාචනාදීකරණයෙන් ඉල්ලා සිටින පෙතම්කාරිය තමන්ට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරනු ලබන පරීක්ෂණ අත්විටුවීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

 

More News..