හෝටල් සේවකයෙකු උඩු මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කරලා
17 September 2026
හෝටල් සේවකයෙකු උඩු මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කරලා
17 September 2026
සීදූව නගරය ආසන්නයේදී පුද්ගලයෙකු හෝටලයක උඩු මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කර ඇති බවට සීදූව පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි බෝයගනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා එම හෝටලයේ උඩු මහලේ නවාතැන් ගෙන සිටින හෝටලයේ සේවකයෙකු වේ.
ඔහු තවත් සේවකයෙකු සමඟ මත්පැන් පානය කර සිටියදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් උඩුමහෙලන් තල්ලු කර මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
අවුරුදු 41ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

