බද්දේගම, හල්පතොට වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි
27 September 2026
බද්දේගම, හල්පතොට වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි
27 September 2026
මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ඉලක්ක කර බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ දී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථය පැදවූ පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර, කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.
එම කාන්තාව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිය බව සඳහන්.
තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මියගිය කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කිරිමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථයේ මග හරස් කරමින් ටී 56 වර්ගයේ ගිනි අවිකින් මෙම වෙඩිතැබීම සුදුකර ඇති බව මූලික විමර්ශවලදී අනාවරණය වී තිබේ.

