හෙට වාර විභාග කාලසටහනේ වෙනසක් නැහැ — අගමැතිනිය
29 November 2026
හෙට වාර විභාග කාලසටහනේ වෙනසක් නැහැ — අගමැතිනිය
29 November 2026
පාසල් වාර අවසාන විභාග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින්, සියලු පාසල් හෙට (30) සුපුරුදු පරිදි විවෘතව තබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ මධ්‍යම පළාතේ ප්‍රගතිය සොයා බැලීම සඳහා අද (29) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිනිය මෙම අදහස් පළ කළාය.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වන අයුරින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීම සාධාරණ දැයි තම හෘද සාක්ෂියට අවංකව සිතා බලන ලෙස වර්ජනයට සම්බන්ධ ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ද කාලසටහනේ වෙනසක් නොමැති බවට තහවුරු කළ බව ඇය එහිදී අවධාරණය කළාය.
ඒ හේතුවෙන් සුපුරුදු පරිදි දරුවන් පාසල් වෙත එවන ලෙසට තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් දරුවන් වෙනුවෙන් කැපවන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් හෙට (30) සේවයට වාර්තා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් හරිනි අමරසූරිය කියාසිටියාය.


