තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීමේ අනුකමිටුව රැස්වෙයි
09 July 2026
තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීමේ අනුකමිටුව රැස්වෙයි
09 July 2026
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ පවතින තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීම සඳහා පත් කර ඇති අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තෙවැනි රැස්වීම අද (09) පැවැත්විණි.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන්ය.
රැස්වීමේදී වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ වෘත්තීය අධ්‍යාපනය නවීකරණය කිරීමේ ඉදිරි පියවරක් ලෙස තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25 සංවර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම වැඩසටහන මඟින් වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නව පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ සිසුන්ට නවීන තාක්ෂණික දැනුම හා කුසලතා ලබාදීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
මෙම අවස්ථාවට වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශවල උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

