අමෙරිකා - ඉන්දු ඒකාබද්ධ යුද අභ්‍යාසයක්
16 September 2026
අමෙරිකා - ඉන්දු ඒකාබද්ධ යුද අභ්‍යාසයක්
16 September 2026
ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඉන්දියාවේ උත්තර්කන්ද් සහ රාජස්ථාන් යන ප්‍රාන්තයන්හි විශේෂ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර ඇත.
මෙම ප්‍රාන්ත දෙකෙහිම එකවිට ක්‍රියාත්මක වන මෙම පුහුණු වැඩසටහන සඳහා දෙරටින්ම සෙබළුන් 600ක පමණ පිරිසක් එක්ව සිටිති. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වන්නේ කඳුකර සහ අර්ධ කඳුකර ප්‍රදේශවල හමුදා මෙහෙයුම් හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමයි.
නිරීක්ෂණ, ඔත්තු බැලීම් සහ අනෙකුත් හමුදාමය අවශ්‍යතා සඳහා ඩ්‍රෝන යානා මෙන්ම ස්වයංක්‍රීය පද්ධති (Automated Systems) බහුලව භාවිත කිරීම මෙම පුහුණු අභ්‍යාසයේ විශේෂත්වයකි.
දෙරටේ හමුදාවන්ට සිය උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ ක්‍රියාපටිපාටීන් එකිනෙකා අතර හුවමාරු කරගැනීමට මෙයින් අවස්ථාව හිමිවේ. එමෙන්ම, විවිධ භූගෝලීය පරිසරයන් සහ මෙහෙයුම් කලාපයන් තුළ අන්‍යෝන්‍ය සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව නංවාලීමටද මෙම අභ්‍යාසය උපකාරී වන බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.

