brand logo
logo
T20 ලෝක ශූර ඉන්දියාවට ඩොලර් 2,639,423ක ත්‍යාග මුදලක්

T20 ලෝක ශූර ඉන්දියාවට ඩොලර් 2,639,423ක ත්‍යාග මුදලක්

11 March 2026


මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක් එක් කණ්ඩායම් දැක්වූ දක්ෂා මත ප්‍රදානය කළ ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කර ඇත.


අවසන්වරට 2024 වසරේ පැවති අදියරේ ලබාදුන් ත්‍යාග මුදලට වඩා වාර්තාගත අගයකින් මෙවර ත්‍යාග මුදල් වටිනාකම ඉහළ දමා තිබීම සුවිශේෂීය.


ඒ අනුව ලෝක ශූරයන් බවට පත්වූ ඉන්දියාවට අමෙරිකානු ඩොලර් 2,639,423ක් මුදලක් ප්‍රදානය කර ඇති අතර, අනුශූර නවසීලන්තයටද ඩොලර් 1,422,692ක් මුදල් ත්‍යාගයක් පිරිනමා තිබේ.


මේ අතර සුපරි 8 වටයට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකාවට ඩොලර් 475,962ක් ලබාදීමට ICCය තීරණය කර ඇත.


එක් එක් කණ්ඩායම් දැක්වූ ජයග්‍රහණය අනුව ත්‍යාග මුදල් බෙදා හැරීම (අමෙරිකානු ඩොලර්)


ඉන්දියාව – ඩොලර් 2,639,423

නවසීලන්තය – ඩොලර් 1,422,692

දකුණු අප්‍රිකාව – ඩොලර් 1,005,577

එංගලන්තය – ඩොලර් 974,423

බ.ඉ. කොදෙව් – ඩොලර් 538,269

පාකිස්තානය – ඩොලර් 522,692

සිම්බාබ්වේ – ඩොලර් 491,538

ශ්‍රී ලංකාව – ඩොලර් 475,962

ඇෆ්ගගනිස්තානය – ඩොලර් 309,808

ඔස්ට්‍රේලියාව – ඩොලර් 309,808

අමෙරිකාව – ඩොලර් 309,808

ස්කොට්ලන්තය – ඩොලර් 278,654

අයර්ලන්තය – ඩොලර් 271,731

ඉතාලිය – ඩොලර් 256,154

නෙදර්ලන්තය – ඩොලර් 256,154

UAE – ඩොලර් 256,154

නේපාලය – ඩොලර් 256,154

කැනඩාව – ඩොලර් 225,000

නැමීබියාව – ඩොලර් 225,000

ඕමානය – ඩොලර් 225,000


 

More News..