brand logo
logo
 තැන තැන සිදුවෙන ඝාතන

තැන තැන සිදුවෙන ඝාතන

28 October 2026



හොරොව්පොතානේ දී සහ පොතුපිටියේ දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇතැයිපොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඊයේ (27) අලුයම හොරොව්පොතාන, මැදවච්චිය හන්දිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට හොරොව්පොතාන පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.


එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 68ක් වූ මැදවච්චිය හන්දිය, හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.


මරණකාරිය නිවස ඉදිරිපිට වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය නිවසේ තනිව පදිංචිව සිට ඇත.


මෙම කාන්තාව යම් අයෙකු විසින් ඝාතනය කර ඇති බව සිදුකළ මුලික විමර්ශනයෙදී අනාවරණය වි ඇත.


ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරොව්පොතාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


මේ අතර, ඊයේ රාත්‍රියේ කෙසෙල්වත්ත, පොතුපිටිය ප්‍රදේශයේ වතු කාමරයක් තුළ දී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පොතුපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවට පොතුපිටිය පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.


එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 33ක් වූ කට්ටංගේ, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මරණකරු හා ඝාතනය සිදුකළ සැකකරු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව සිදුකළ මුලික විමර්ශනයෙදී අනාවරණය වී ඇත.


වයස අවුරුදු 33ක් වූ කහවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොතුපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..