brand logo
logo
  විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

27 July 2026 | ශිරාන් රණසිංහ


ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය ඇතුළු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (27 වැනිදා) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


මේ සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් ’අරුණ’ කළ විමසීමේදී කියා සිටියේ මහාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් නොව සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.


ඒ අනුව ඊට අදාළ පියවර ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.


මෙම යෝජනාවට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත වූ පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම රජයේ ස්ථාවරය වී තිබේ.


විනිසුරුවරුන් විශ්‍රාම ගන්වන වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව විපක්ෂයේ දේශපාලන නායකයන් රැසක් ඉකුත් සිකුරාදා (24 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයට රැස්වී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත වූහ. රජයේ මෙම තීරණයට එරෙහිව මහා සංඝරත්නය අද (27 වැනිදා) කොළඹ දී මහා සමුළුවක් පැවැත්වීමට නියමිතය. මීට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අයත් නීතිඥවරු 26,000 ක් අනිද්දා (29 වැනිදා) නීතිඥ සමුළුවක් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත. මේ සඳහා සියලු නීතිඥවරුන්ට ආරාධනා කර තිබේ.


 

More News..