brand logo
logo
නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48ටත්

නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48ටත්

16 October 2026

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඔක්තෝබර්18 වනදා පස්වරු 6.00 දක්වා වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.


නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.


ඒ අනුව අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟේ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

එබැවින් අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

 

More News..