බොරතෙල් මිල සීඝ්රයෙන් පහළට
05 November 2026
බොරතෙල් මිල සීඝ්රයෙන් පහළට
05 November 2026
අමෙරිකා එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් දැවැන්ත ලෙස පහත වැටී තිබේ.
මෙම මැතිවරණයේදී ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂය හමුවේ රිපබ්ලිකන් පක්ෂයට පසුබැසීමට සිදුවිය.
එම තත්ත්වය හමුවේ WTI බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ ඇත.
නවතම දත්තයන්ට අනුව එය ආසන්න වශයෙන් 9%ක පමණ පහත වැටීමක් පෙන්නුම් කරමින් ඩොලර් 87.59ක් ලෙස සටහන් වී ඇත.
ඊට අමතරව ජාත්‍යන්තර ප්‍රමුඛතම දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලද 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඩොලර් 93.91 දක්වා අඩු වී තිබේ.
මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය ලැබූ පරාජය සඳහා ඉරානය සමග පවතින යුදමය වාතාවරණය ඍජුවම බලපෑ බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පැවසීය.
උප ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් මෙලෙස වේගයෙන් පහත වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

