brand logo
logo
පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට යළිත් ගුවන් ප්‍රහාර

පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට යළිත් ගුවන් ප්‍රහාර

03 October 2026


පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයේ පළාත් දෙකකට යළිත් ගුවන් ප්‍රහාර එල්ල කළ බව දෙරටම ප්‍රකාශ කර තිබේ.


මෙම බෝම්බ ප්‍රහාරවලින් ප්‍රධාන වශයෙන් කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී අවම වශයෙන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවද ඇෆ්ගනිස්තානය පවසයි.


පාකිස්තානය පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාර ස්ථාන දෙකක පිහිටි ත්‍රස්තවාදී සැඟවුම් ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල කළ බවත්, මූලික වාර්තාවලට අනුව ත්‍රස්තවාදීන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත්ය.


කෙසේ වෙතත්, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද මරණ සංඛ්‍යා පිළිබඳ තොරතුරු ස්වාධීනව තහවුරු කර ගෙන නොමැති බව විදෙස් ජනමාධ්‍ය පවසයි.


මෙම වසර මුලදී දෙරට අතර ගැටුම් දැඩි ලෙස ඉහළ යාමෙන් පසුව පාකිස්තානය ඇෆ්ගනිස්තානයට දිගින් දිගටම මෙසේ ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මෙම නවතම ප්‍රහාර එල්ල වී ඇත්තේ ද දෙරට අතර නිරන්තරයෙන් දේශසීමා හරහා සිදුවන ගැටුම් මධ්‍යයේය.

 

More News..