brand logo
logo
අගෝස්තුවේ උද්ධමනය 8% ඉක්මවයි

අගෝස්තුවේ උද්ධමනය 8% ඉක්මවයි

21 September 2026


2026 අගෝස්තු මාසය සඳහා වන ශ්‍රී ලංකාවේ උද්ධමනය 8.1% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


එම දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කරන ලද නවතම ජාතික පාරිභෝගික මිල දර්ශක වාර්තාවට අනුව, පසුගිය ජූලි මාසයේදී 7.2%ක් ලෙස සටහන් වූ උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී මෙලෙස වැඩිවීමක් පෙන්නුම් කරයි.


මෙහිදී ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ පැවති 4.9%ක මට්ටමේ සිට අගෝස්තු මාසය වන විට 6.6% දක්වා ඉහළ ගොස් තිබේ.


එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද ජූලි මාසයේ පැවති 9.2%ක අගයේ සිට අගෝස්තු මාසයේදී 9.3% දක්වා සුළු ඉහළ යෑමක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..