brand logo
logo
වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

26 October 2026 | පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල


වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී තිබේ.


කුඹුක්වැව දිගන්නෑව පදිංචිකරුවෙකු බව කියන 49 හැවිරිදි නවරත්නලාගේ සමන් බණ්ඩාර ජයපද්ම නමැත්තා එසේ මරණයට පත්ව සිටින බව අනාවරණය කරගෙන ඇත.


පසුගිය 24 දින රාත්‍රීයේදී එම පුද්ගලයාට වෙඩි වැදී ඇති බව පැවසේ. මරණයට පත්ව සිටි සිටි පුද්ගලයා අසල තිබී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක්ද කොටවෙහෙර පොලීසියට හමුවී තිබේ.


මෙම මරණය වෙඩි තැබීමකින් සිදු කළ ඝාතනයක්ද නැත්නම් , සියදිවි නසා ගැනීමක්ද කියා අනාවරණය කර ගැනීමට කොටවෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

More News..