brand logo
logo
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට සැළසුම්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට සැළසුම්

19 August 2026


ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට සැළසුම් කර තිබේ.


එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(19) පස්වරුවේ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.


ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පරිපාලන නීති රීතිවලින් බැහැරව ස්ථානමාරු කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් එම සංගමය මෙම වැඩ වර්ජනය සැළසුම් කර ඇති බව සදහන් වෙයි.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර හෙට දිනයේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බව උපුල් රෝහණ මහතා සදහන් කළේය.

 

 

More News..