brand logo
logo
 විදේශීය බලවේගවලට සහාය නොදෙන්නැයි තායිවානයෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

විදේශීය බලවේගවලට සහාය නොදෙන්නැයි තායිවානයෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

24 October 2026


සතුරු විදේශීය බලවේගවලට කිසිසේත් සහාය නොදක්වන ලෙසත් දේශීය සහායකයින් ලෙස තමන්ව භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙසත් තායිවාන බලධාරීන් එරට මහජනතාවට දැනුම්දී තිබේ.


තායිවාන මාධ්‍ය වාර්තා කරන්නේ, චීනයේ දේශසීමා ඉක්මවූ මර්දන ක්‍රියාවලිය සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලිවල ඇති සබඳතා පිළිබඳව තායිවානය පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.


තායිවානය සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියද, එය තමන්ගේම භූමියක් ලෙස සලකන චීනය, තායිවාන ජාතිකයින් ඉලක්ක කරගනිමින් විවිධ උපක්‍රම භාවිත කරන බවට තායිවානය දිගින් දිගටම චෝදනා කරයි.


එවැනි සිදුවීම් සඳහා සහාය දක්වන දේශීය ජාල බොහෝ විට සංවිධානාත්මක අපරාධ කල්ලි හෝ ඒවාට සම්බන්ධ පෞද්ගලික විමර්ශන ආයතන බවද තායිවාන බලධාරීන් පවසයි.


ඒ අනුව තායිවානයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ මෙම ක්‍රියාවන් පිටුපස සිටින පිරිස් සහ සමස්ත ජාලය මුළුමනින්ම මර්දනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

 


 

More News..