Best News Website award
brand logo
logo
දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

25 November 2026


උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර යන පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වරින් වර වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එමෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මීට අමතරව, අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.


ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

 

More News..