''ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක්" -දිලිත් ජයවීර
14 July 2026
''ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක්" -දිලිත් ජයවීර
14 July 2026
ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් මෙන්ම ජාතියේ ප්‍රකාශනයක් ද වන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, 14 වැනි ලෝක ඉදිකිරීම් සමුළුවට එක්වෙමිනි.
14 වැනි ලෝක ඉදිකිරීම් සමුළුව කොළඹදී පසුගියදා ආරම්භ වූ අතර ඊට සමගාමීව සම්මාන උලෙළක් ද පැවැත්වුණි.
'SUSTAINABILITY AWARD 2026' ලෙස නම්කර තිබූ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සහභාගී විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,
''ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් වගේ. එමෙන්ම එය ජාතියේ ප්‍රකාශනයක්ද වනවා. ශ්‍රී ලංකාවේ එම ගෞරවය හිමිවිය යුත්තේ අපේ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ටයි. අපට ලෝකයට සාඩම්බරයෙන් කිව හැකි කරුණක් තමයි තිරසාරභාවය අපේ ජාතියේ, ජීවයේ කොටසක් බව. තිරසාරභාවයෙන් යුත් ඉදිකිරීම් කර්මාන්තයක කොටස්කරුවන්වීම සඳහා අප බොහෝ කලක සිට අපේක්ෂාවෙන් සිටියා. අපට අනෙක් යටිතල පහසුකම් මූල්‍ය ශක්තිය සහ බලය නොතිබීමනිසා එය මෙතෙක් ක්‍රියාවට නැංවිය නොහැකිවුණා. අපේ මාතෘභූමියේ අනාගතය අපට ඒ සඳහා අවස්ථාව සලසන බව මගේ බලවත් විශ්වාසයයි. එහිදී අපට නිර්මාණශිලීත්වය පමණක් නොවෙයි අපේ පරිසරය සුරැකීමට, අපේ අගයන් ආරක්ෂා කිරීමට වගේම තිරසරභාවයේ සංකල්පය සුරැකීම සඳහා අපේ කැපවීම ලෝකයට ප්‍රදර්ශනය කළ හැකිවේවි. මේ ඉදිකිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරතවූවන් ඇමතීම සඳහා මට ඇරියුමක් ලැබුණු පළමු අවස්ථාව නොවේ. අවසන් වරට 2021 වසරේදී මම ඒ සඳහා වේදිකාවට පිවිසුණු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පුරෝකථනය කිරීමට ගොස් විශාල ගැටලුවකට මුහුණදුන්නා. මට එය දැන් නැවතත් සිදුකරන්න හැකියාවක් නැහැ. මොකද මට දැන් නිල වශයෙන්ම දේශපාලනඥයෙකු නිසා. ''

