brand logo
logo
කොළඹ වරායේදී  පුද්ගල ඝාතනයක්

කොළඹ වරායේදී පුද්ගල ඝාතනයක්

10 October 2026


කොළඹ වරාය නගරයේ කම්කරු නේවාසිකාගාරය අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.


අදාළ පුද්ගලයා මෙම ප්‍රහාරය හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.


මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලීසිය පැවසීය.


දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.


මෙම සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

More News..