brand logo
logo
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ අගෝස්තු 05 සිට තහනම්

ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ අගෝස්තු 05 සිට තහනම්

01 August 2026



2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළඹෙන අගෝස්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වන දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723 කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.


1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතේ නියෝග ප්‍රකාරව අගෝස්තු 05 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පහත සඳහන් කටයුතු සපුරා තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.



 

More News..