brand logo
logo
ලබන වසරේ සිට සිම්පතක් ගන්න මුහුණ ​පෙන්වන්න ඕනෑ

ලබන වසරේ සිට සිම්පතක් ගන්න මුහුණ ​පෙන්වන්න ඕනෑ

11 September 2026 | සාලිය කුමාර ගුණසේකර

සිම්පත් නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයාගේ සජීවී ඡායාරූපයක් ගැනීම අනිවාර්ය කරමින් 2027 වසර සඳහා සිම්පත් නිකුත් කිරීමේදී නව රෙගුලාසි හඳුන්වාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් පැවසීය.


මේ අනුව,දුරකථන ක්‍රියාකාර සමාගම් විසින් සිම්පතක් නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයාගේ සජීවී ඡායාරූපයක් අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවද ඔහු පැවසුවේය.


ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩපිළිවෙළ පිළිිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.


ඇතැම් නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් පාසල් සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් වලට දුරකථන සිම්පත් ලබාගෙන අනීතික කටයුතුවල නිරත වන බවත්, එම කටයුතු වැළැක්වීමට අදාළවද රෙගුලාසි සකස් කෙරෙන බවත් ඔහු කීවේය.


මෙහිදී, වයස අවුරුදු 15ත් 18ත් අතර ළමුන් සඳහා සිම්පත් නිකුත් කිරීමේදී දෙමාපියන්ගේ හෝ භාරකරුගේ සහතිකයක් ලබාගැනීමට නියමිත බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.


දුරකථන සේවා සපයන්නන් අතර තරගකාරිත්වය වැඩි කිරීමට නියාමනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

 

More News..