brand logo
logo
 කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවෙකු අතුරුදන්

කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවෙකු අතුරුදන්

04 April 2026


කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවෙකු අතුරුදන්ව තිබේ. 


ඔහු නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.වාගීෂන් නමැති අයෙක් බව නෝර්වුඩ් පොලීසිය පවසයි.


මෙම සිසුව තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග අද (04) පස්වරුවේ නෝර්වුඩ් කෙසෙල්ගමු ඔයේ සිල්වර් වලේ පැන දිය නාමින් සිටියදී එහි ගිලී අතුරුදහන්වී ඇත.


අතුරුදහන් වූ සිසුවා ගෙඩ ගැනීමට ඔහුගේ මිතුරන් උත්සහ කර ඇති අතර ඔ‍හු දියේ ගිලුණ ස්ථානය අධික ගැඹුරු ස්ථානයක් බැවින් ඉන් අනතුරුව එම සිසුන් විසින් නෝර්වුඩ් පොලීසියට මේ බව දන්වා තිබේ.


 ඉන් අනතුරුව නෝර්වුඩ් පොලීසිය විසින් මෙහෙයුමක් දියත් කර තිබේ.


 

More News..