විරෝධතා බිමට පිහි රැගෙන ආ පුද්ගලයා ලක්ෂයක ඇප මත මුදාහරියි
23 October 2026
විරෝධතා බිමට පිහි රැගෙන ආ පුද්ගලයා ලක්ෂයක ඇප මත මුදාහරියි
23 October 2026
කොළඹ විහාරමහාදේවි උද්යානය අසල පැවැත්වෙන විරෝධතා භූමියේදී තහනම් පිහි දෙකක් ද සමඟින් 58 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුඳුවත්ත පොලිස් බලප්රදේශයට අයත් අදාළ විරෝධතා භූමියේ සිදුකළ විශේෂ පරීක්ෂාවකදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු රාගම, කඳලියද්දපාලුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පසුගිය දින කිහිපය පුරාම මෙම විරෝධතාවයට සහභාගී වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා විරෝධතා භූමිය තුළදී කිසියම් අපරාධයක් කිරීමට සැලසුම් කළේද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
එමෙන්ම මෙම නඩුව නැවත නොවැම්බර් 30 වනදා කැඳවීමට නියමිතය.

