brand logo
logo
 "ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමියේ ඉඩක් නෑ" - ජනපති

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමියේ ඉඩක් නෑ" - ජනපති

09 September 2026


ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබේ.


මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරු අතර අද (9) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.


දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ ඓතිහාසික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙහිදී නායකයින් එකඟ වී ඇති බවත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්‍ වෙයි.


එමෙන්ම 'දිට්වා' සුළි කුණාටුව සමයේදී 'සාගර් බන්ධු' මෙහෙයුම යටතේ ඉන්දියාව ලබා දුන් මානුෂීය සහන සහ පුනරුත්ථාපන ආධාර වෙනුවෙන් මෙරට ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කර තිබේ.


ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර ලෙස ආසන්නතම අසල්වැසියා සහ මිතුරා ලෙස පළමු ප්‍රතිචාර දක්වන්නා වශයෙන් සහයෝගය ලබාදීම තම වගකීමක් ලෙස සලකන බවත්, අනාගතයේදීත් එය අඛණ්ඩව සිදු කරන බවත් මෙහිදී සඳහන් කර ඇත.

 

More News..