brand logo
logo
කිම් ජොන් උන්ගේ දියණිය සටනට සුදානම්

කිම් ජොන් උන්ගේ දියණිය සටනට සුදානම්

13 March 2026

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ඔහුගේ දියණිය වන කිම් ජූ ඒ, එරට ප්‍රධාන පෙළේ ගිනි අවි නිෂ්පාදන කම්හලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. එහිදී විශේෂ අවධානයක් යොමු වූයේ කිම් ජූ ඒ විසින් එම කම්හලේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල පරීක්ෂා කරමින් ඉලක්ක වෙත සාර්ථකව වෙඩි තැබීම කෙරෙහි ය.


පියා සහ දියණිය එක්ව ඉලක්ක වෙත වෙඩි තබන අයුරු දැක්වෙන ඡායාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, විශ්ලේෂකයින් පවසන්නේ මෙය ඇය සටනට සූදානම් බව ලොවට විදහා පෑමක් බවයි.


වාර්තා වන අන්දමට කිම් ජූ ඒ ඉලක්කයට වෙඩි තැබීමට සුවිශේෂී දක්ෂතාවක් දක්වන අතර, ඇය උතුරු කොරියානු හමුදා ප්‍රධානීන් යටතේ දැඩි ගිනි අවි පුහුණුවක් සහ ආත්මාරක්ෂක සටන් පුහුණුවක් ද ලබා ඇත.


උතුරු කොරියාවේ රාජ්‍ය නායකත්වය කිම් ජොන් උන් පරම්පරාව යටතේ පවතින බැවින්, වත්මන් නායකයාගෙන් පසුව එරට පාලන බලය කිම් ජූ ඒ වෙත හිමිවීමට වැඩි ඉඩකඩක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙම සංචාරය හරහා ඇයගේ නායකත්ව ප්‍රතිරූපය තවදුරටත් තහවුරු කිරීමට උතුරු කොරියානු රජය උත්සාහ කර ඇති බව පෙනේ.

 

More News..