brand logo
logo
මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සති කිහිපයකින්

මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සති කිහිපයකින්

08 November 2026

යාපනය, මණ්ඩතිව් හි ඉදිකිරීමට නියමිත නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.


යාපනයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමරන් මහතා අද (8) අදාළ ක්‍රීඩාංගණය සඳහා වෙන්කර ඇති ඉඩම නිරීක්ෂණය කිරීම සඳහා එක්වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළහ.


මෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීමට හේතු වූයේ අවශ්‍ය කර තිබූ පාරිසරික වාර්තා කිහිපයක් ලබාගැනීමට නොහැකිවීම බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.


කෙසේ වෙතත් එම සියලු ලේඛන මේ වනවිට ලබාගෙන අදාළ මූලික කටයුතු සම්පූර්ණ කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වසරක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

More News..