නාවික හමුදාපති ජනපති හමුවෙයි
10 July 2026
නාවික හමුදාපති ජනපති හමුවෙයි
10 July 2026
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් පසුගියදා සිදුවිය.
මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා 27 වැනි නාවික හමුදාපති ධුරයට පත්වීම නිමිත්තෙන් ජනාධිපතිවරයා නාවික හමුදාපති වෙත සිය සුබ පැතුම් පිරිනැමීය.
තවද මෙම නිල හමුවීම සනිටුහන් කරමින් නාවික හමුදාපති විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

