brand logo
logo
සැප්තැම්බර් මස අස්වැසුම දීමනාව ලබන 16 වැනිදා බැංකු ගිණුම්වලට

සැප්තැම්බර් මස අස්වැසුම දීමනාව ලබන 16 වැනිදා බැංකු ගිණුම්වලට

14 September 2026


සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 16වැනිදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කළේය.


ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053කට රුපියල් නව බිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් බැංකු ගිණුම්වලට බැරකිරීමට නියමිතය.


එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට රුපියල් බිලියන දෙකයි මිලියන එකසිය විස්සයි දහස් අටසිය පනස් හයයි දෙසිය පනහක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබේ.


ඒ අනුව මෙම මුදල් ලබන 17 වැනිදා සිට ප්‍රතිලාභීන්ට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..