තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
18 August 2026
තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
18 August 2026
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රජයේ ව්‍යවස්ථාපිත ආයතන තුනක සභාපතිවරුන්ගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ පත්වීම අනුමත කර ඇත.
මීට අමතරව, කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ලෙස එස්.ඒ.එම්. පීරිස් මහතාත්, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ සභාපතිවරයා ලෙස එච්.එම්.පී. රත්නායක මහතාත්, ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය ලෙස ආචාර්ය ඩබ්ලිව්.එම්.වී. වනසිංහ මහත්මියත් පත් කිරීමට කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතීත්වයෙන් පැවති කාරක සභා රැස්වීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර ජයකොඩි සහ නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරු සහභාගී වූහ.

