brand logo
logo
සේවක රැකියා සුරක්ෂිත බව CEAT OHT ලංකා සමාගම තහවුරු කරයි

සේවක රැකියා සුරක්ෂිත බව CEAT OHT ලංකා සමාගම තහවුරු කරයි

02 June 2025

මීවලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත්ව තිබෙන කැසෝ සන්නාමය යටතේ වන Off-Highway ඉදි කිරීම් උපකරණ ටයර් සහ ට්‍රැක් නිෂ්පාදන ව්‍යාපාරය මිල දී ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීමා සහිත සියැටි සමාගම, මීවලින් ලංකා (පුද්ගලික) සමාගම සමග නිශ්චිත ගිවිසුමකට එළඹ ඇති බව 2024 දෙසැම්බර් මස දී නිවේදනය කරන ලදී. එම ගිව්සුමට අනුව මීචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත් මිදිගම කර්මාන්ත ශාලාව, කොටුගොඩ පිහිටි කාස්ටිං කර්මාන්තශාලාව සහ එම සමාගම සතු අනෙකුත් මධ්‍යගත සේවා සපයන අංශ වල කොටස් කිහිපයකුත් සියැට් සමාගම සතු වනු ඇත. 


තම පරිපාලනය යටතේ මෙම කර්මාන්තශාලාවල දැනට සේවයේ යෙදෙන සේවක මහත්ම මහත්මීන්ගේ රැකියා සියල්ල මුළුමනින්ම සුරක්ෂිත බව ඉහත කී කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සීමා සහිත සියැට් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියැට් ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම අවධාරණය කර සිටී. මිල දී ගැනීමෙන් පසුව සිදු වන සංක්‍රාන්තිය, සේවක මහත්ම මහත්මින්ගේ රැකියා සුරක්ෂිත භාවය සහ යහ පැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙමින් සුමධ හා විනිවිද භාවයෙන් යුතුව සිදු විය යුතු බව සමාගමේ දැඩි විශ්වාසයයි. 


ඒ අනුව මෙම ක්‍රියාවලිය අතරතුර, සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සියැටි ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම, මීචලින් ලංකා (පුද්ගලික) සමාගම සහ අන්තර් සමාගම් සේවක සංගමය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට 2025 මැයි මස 22 වන දින අත්සන් තබන ලදී. සේවක මහත්ම මහත්මීන්ගේ 100% රැකියා සුරක්ෂිත භාවය, මීචලින් සමාගමේ පෙර සේවා කාලයේ අඛණ්ඩතාව, ජ්‍යෙෂ්ඨත්වය සහ වැටුප් හා වරප්‍රසාද අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම අවබෝධතා ගිවිසුමෙන් තහවුරු කර ඇත. 


සේවක තෘප්තිමත් භාවය සහ ඔවුන්ව රැකබලා ගැනීම පූර්ණ අභිලාෂය කරගත් සියැටි සමාගම මෙම ගිවිසුමේ කොන්දේසි සර්වප්‍රකාරයෙන් සපුරාලීමට කැප වී සිටින අතර රටවල් 120කට අධික ප්‍රමාණයක් පුරා විහිදුණු තම ව්‍යාපාරික ජාලය හා අනෙකුත් සියලු සම්පත් උපයෝගී කරගනිමින් නව ව්‍යාපාර කටයුතුවල ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීමට ද කැප වී සිටින බව අවධාරණය කරනු ලබයි. 


ඉන්දියාවේ RPG සමූහ ව්‍යාපාරයට අයත් මුම්බායි කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි සීමා සහිත සියැටි සමාගම කාර් ටයර්, බස් හා ට්‍රක් ටයර්, මෝටර් සයිකල් හා ස්කූටර් ටයර් සහ Off-Highway ටයර් නිෂ්පාදනය කරන ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ප්‍රමුඛ පෙළේ සමාගමකි. ඉන්දියාවේ ගෘහස්ථ වෙළඳ පොළට මෙන්ම රටවල් 120 කට අධික ප්‍රමාණයකට ටයර් අපනයනය කරනු ලබන සියැටි සමාගම පූර්ණ තත්ත්ව කළමනාකරණය (Total Quality Management) වෙනුවෙන් පිරිනමනු ලබන, ලෝකයේ ඉතාමත්ම කීර්තිමත් සම්මානයක් වන Deming Grand Prize දිනා ඇති ලෝකයේ සමාගම් 33 අතරට එක්ව සිටි. තව ද එය Industry 4.0 තාක්ෂණික අනුවර්තනය වෙනුවෙන් World Economic Forum හෙවත් ලෝක ආර්ථික සංසදය විසින් ලබා දෙන ' “Light House Designation” ඇති ලෝකයේ එකම ටයර් සමාගමද වේ.

 

More News..