ඉරාන ගිවිසුමේ කරුණු රහසිගතයි - ට්‍රම්ප්
08 April 2026
ඉරාන ගිවිසුමේ කරුණු රහසිගතයි - ට්‍රම්ප්
08 April 2026
ඉරානය සමඟ ඇති කරගත් එකඟතාව සම්බන්ධයෙන් පැතිර යන විවිධ අසත්‍ය ප්‍රකාශ විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.
එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ගිවිසුමට අදාළ වැදගත් කරුණු "රහසිගතව" (Behind closed doors) සාකච්ඡා කරන බවය.
තමන්ව හඳුන්වා නොදුන් පිරිස් විසින් පතුරුවනු ලබන ලේඛන සහ ගිවිසුම් පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
"අමෙමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡාවලට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයින් විසින් විවිද ගිවිසුම්, ලැයිස්තු සහ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් සිටිනවා. බොහෝ අවස්ථාවලදී ඔවුන් මුළුමනින්ම වංචාකරුවන් ," යැයි ඔහු සිය සටහනේ ලියා ඇත.
අමෙරිකාව පිළිගන්නා "වැදගත් කරුණු" සම්බන්ධ සමූහය සාකච්ඡා මේ වන විටත් සිදුවන බවත්, සටන් විරාමයකට එකඟ වීමට පදනම වූයේ එම කරුණු බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සිය සටහන මගින් එම "වැදගත් කරුණු" මොනවාද යන්න පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් කර නොමැත.

