වැල්ලවත්තේ වෙඩි තැබීමක්
27 February 2024
වැල්ලවත්තේ වෙඩි තැබීමක්
27 February 2024
වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (27) වෙඩිතැබීමක් සිදුකර පළා ගොස් ඇතැයි වාර්තා වේ.
අද උදෑසන 05:30 ට පමණ වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාවත පිහිටි ශිරාන් බාෂික් යන අයට අයත් පර්ල් බීච් හෝටලය අසලට පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ටී 56 ගිණි අවියකින් හෝටලය දෙසට වෙඩි උණ්ඩ 08 ක් පමණ තබා පිටව ගොස් ඇත.
වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර හෝටලයේ තාප්පයට සහ සවි කර ඇති කැනපියකට වෙඩි උණ්ඩ 02 ක් වැදී ඇති බවට සලකුණු ඇත.

