ඇෆ්ගනිස්තානයේ පාසලක් අසල සිදුවූ පිපිරීමකින් සිසුන් 07ක් මරුට-97 දෙනෙකුට තුවාල
28 November 2026
ඇෆ්ගනිස්තානයේ පාසලක් අසල සිදුවූ පිපිරීමකින් සිසුන් 07ක් මරුට-97 දෙනෙකුට තුවාල
28 November 2026
ඇෆ්ගනිස්තානයේ ඊසානදිග කුනාර් පළාතේ පාසලක් අසල පිහිටි නිවසක අද (28) සිදුවූ පිපිරීමකින් පාසල් සිසුන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 97 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් ප්‍රතිකාර සඳහා නන්ගර්හාර් ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පතල් කැණීම් කටයුතු වෙනුවෙන් අදාළ නිවස තුළ ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය පුපුරා යාම මෙම ඛේදවාචකයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.


