නීති විරෝධී ලෙස ගෙන ආ කුළුබඩු සහ කෘමිනාශක තොගයක් නාවික හමුදා භාරයට
20 August 2026 | ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ - කොළඹ
නීති විරෝධී ලෙස ගෙන ආ කුළුබඩු සහ කෘමිනාශක තොගයක් නාවික හමුදා භාරයට
20 August 2026 | ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ - කොළඹ
කල්පිටිය, තලවිල මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව අද (20) සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු, එනසාල් පොතු සහ කෘමිනාශක දියර තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම මුහුදු තීරයේ අත්හැර දමා තිබූ සැකකටයුතු පාර්සල් 16 ක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මෙම ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
එහිදී වියළි ඉඟුරු කැබලි කිලෝග්‍රෑම් 591ක්, එනසාල් පොතු කිලෝග්‍රෑම් 75ක්, කෘමිනාශක දියර බෝතල් 300ක් සොයාගෙන ඇත.
මෙම නීති විරෝධී ජාවාරමට සම්බන්ධ හිමිකරුවන් මෙතෙක් සොයාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයාගත් සියලු භාණ්ඩ කල්පිටිය පොලීසිය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

