brand logo
logo
  තියුණු ආයුධකින් කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

තියුණු ආයුධකින් කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

11 August 2026


ලග්ගල, තෝරපිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධකින් සිදු කළ පහරදීමකින් 78 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 


අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා වැටී සිට ඇති අතර ඔහුව රෝහල් ගත කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ මා ඔය, ගම්මාන 01 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.


මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරු සහ ඔහුගේ බෑනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බෑනා විසින් මෙම පහරදීම සිදු කර ඇති බවය.


සැකකාර බෑනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

More News..