brand logo
logo
නව යුද හමුදාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

නව යුද හමුදාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

05 August 2026

ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අතර, මෙය යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.


තවද, හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරිය හමුවීමේ සම්ප්‍රදාය අනුව සිදු වූ මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර සම්ප්‍රදායානුකූල සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව ඇති අතර, නව යුද හමුදාපතිවරයා වෙත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය සුබපැතුම් පිරිනැමූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

 

More News..