වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය අරුණ වෙබ් අඩවියට
10 November 2026
වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය අරුණ වෙබ් අඩවියට
10 November 2026
කර්තෘ සංසදය සහ ශ්‍රීලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කල 2025 වසරේ ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙල අද (10 වැනිදා) රාත්‍රියේ කොළබ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති අතර එහිදී අරුණ වෙබ් අඩවිය සම්මානයට පාත්‍ර විය
එහිදී හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය (සිංහල මාධ්‍ය) aruna.lk වෙත හිමි විය.
මීට අමතර වසරේ හොඳම වීඩියෝ වාර්තාකරණය ට හිමි කුසලතා සම්මානය ද අරුණ වෙබ් අඩවියට හිමි විය.
එහිදී අරුණ වෙබ් අඩවිය ඇතුලුව ලිබර්ටි පබ්ලිෂර්ස් පුද්ගලික සමාගම ප්‍රකාශයට පත් කරනු ලබන අරුණ,තමිලන්, ද මෝනින් පුවත්පත් වලටද සම්මාන 09 ක් හිමිවිය.

