වැඩිහිටි ජනගහනයෙන් 23% කට දියවැඩියාව
14 November 2026 | වරුණි පෙරමුණ
වැඩිහිටි ජනගහනයෙන් 23% කට දියවැඩියාව
14 November 2026 | වරුණි පෙරමුණ
මෙරට වයස අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 23% කට දියවැඩියාව වැලඳී ඇති බව පර් යේෂණවලින් අනාවරණය වි ඇත ජාතික දියවැඩියා දිනයට සමගාමිව අදහස් දක්වමින් කායික රෝග විශේෂඥ වෛද්‍ය රවි ජයවර්ධන ප්‍රකාශ කළේ ජනගහනයෙන් 30% ක් පමණ පිරිසක් තමන්ට දියවැඩියාව ඇති බව හෝ තමන් පූර්ව දියවැඩියා අවධියේ පසුවන බව නොදැන සිටීම බරපතළ ගැටලුවක්වී ඇති බවය.
නිසි පාලනයකින් තොරව දියවැඩියාව පැවතීම නිසා ශරීරයේ අභ්‍යන්තර අවයවවලට දැඩි හානි සිදුවන බව ද දියවැඩියා රෝගීන් 100 දෙනෙකු ගතහොත් ඉන් 54 දෙනෙකුටම තම ජීවිත කාලය තුළ වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම පවති. රෝගීන්ගෙන් 20% කට ආසන්න පිරිසකට හෘදයාබාධ සහ අංශභාග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව හෙතෙම මෙහිදී සඳහන් කළේය. දියවැඩියාව හේතුවෙන් ඇස් අන්ධ වී රෝහල්ගත වන බහුතරය වයස අවුරුදු 35 ත් 50 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර දියවැඩියා රෝග තත්ත්වයේ ඇති බරපතළකම වන්නේ පෙනීම අහිමි වන තුරුම රෝගියාට කිසිදු පූර්ව රෝග ලක්ෂණයක් නොදැනීම ය.


