brand logo
logo
2025 වසරේ මුල් මාස හයට සංචාරකයින් ලක්ෂ 11ක්

2025 වසරේ මුල් මාස හයට සංචාරකයින් ලක්ෂ 11ක්

20 July 2025

2025 වසරේ මුල් මාස හය තුළ මෙරටට විදේශීය සංචාරකයින් 1,168,044දෙනෙක් පැමිණ තිබේ


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හය තුළදී මෙරටට විදේශීය සංචාරකයින්ගේ පැමිණීම 15.6%කින් වර්ධනය වී ඇති බවයි.


ඉන් උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 509.1ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 5.9%ක වැඩි වීමක් ලෙසයි වාර්තා වන්නේ.

 

More News..