දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
27 September 2025
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
27 September 2025
2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම් දී ඇත.
මෙම නියෝගය පුද්ගලයන්ට අමතරව සමාගම්, සංස්ථා, හවුල් ව්‍යපාර සහ අනෙකුත් ලියාපදිංචි ආයතන සඳහා අදාළය.
එමෙන්ම ගෙවීම් පත්‍රිකා ලැබෙන තුරු බලා නොසිට නියමිත බදු මුදල මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මගින් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රමාදයන් හෝ අතපසු වූ ගෙවීම් වෙනුවෙන් පොලී සහ දඩ මුදල් අයකරන බව සඳහන් කරමින්, භෞතික ගෙවීම් පත්‍රිකා සඳහා රැඳී නොසිටින ලෙසද දැනුම් දෙයි.
තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී සිටින්නේ, බදු නොගෙවීම හෝ ප්‍රමාදවී ගෙවීම් සඳහා පනවනු ලබන දඩ සහ පොළී කිසිදුවිටක ඉවත්කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බවය.

