brand logo
logo
'ශ්‍රී ලංකාවේ විදුලිය' යෙවාන් බෙල්ජියම් අදියරට සූදානම්

'ශ්‍රී ලංකාවේ විදුලිය' යෙවාන් බෙල්ජියම් අදියරට සූදානම්

17 July 2026


ෆෝමියුලා 3 මෝටර් රථ ධාවන තරගාවලියේ තරග වදින ශ්‍රී ලාංකික යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් තරග වදින බෙල්ජියම් අදියරේ තරගාවලිය අද (17 වැනිදා) ස්පා-ෆ්‍රැන්කොචෑම්ප්ස් ධාවන පථයේදී ආරම්භ වීමට නියමිතය.


මෙම තරගාවලියේ 6වැනි අදියර ලෙස ක්‍රියාත්මක වීමට නියමිත මෙහි සුදුසුකම් ලැබීමේ තරග වටය අද මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වේ. එසේම මෙහි 'ස්ප්‍රින්ට්' තරගය හෙට (18 වැනිදා) පස්වරු 1.30ටත්, 'ෆීචර්' තරගය අනිද්දා (19 වැනිදා) දහවල් 12ටත් ආරම්භ වීමට නියමිතය. මෙහි සම්පූර්ණ ධාවන පථය කිලෝමීටර 7කින් යුක්ත වේ.


තරගාවලියේ මේ වන විට යෙවාන් ප්‍රසාද ලකුණු 15ක් හිමිකර ගනිමින් සමස්ත ධාවකයන් අතර 18 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත.

 

More News..